අපි අද කතා කරන්න යන්නේ ලාංකීය වාහන වෙළඳ පොළ සාධාරණ මිලකට ඇති Midsize SUV කාණ්ඩයේ ඇති වාහනයක් ගැනයි. ඒ SsangYong Kyron රථයයි. 2012 වර්ෂයෙන් පසු නිෂ්පාදනය නොකරන නිසා මෙම වාහනය අපට මිල දී ගත හැක්කේ පාවිච්චි කල තත්ත්වයෙන් පමණි.
SsangYong Kyron රථය අයිති වන්නේ midsize SUV කාණ්ඩයටයි. මෙහි වැඩිහිටි 05 දෙනෙකුට සුවපහසුවෙන් ගමන් කිරීමට හැකියාව ඇති අතර පසුපස තුන්වන ආසන පෙල හැකිලීමකින් තොරව සාමාන්‍ය විශාල dicky space එකක් ඇති අතර තුන්වන ආසන පෙල හැකිලූ පසු අති විශාල ඉඩක් ලබාගත හැක. තුන්වන ආසන පෙලෙහි වැඩිහිටි කෙනෙකුට යාමට අපහසු නමුත් කුඩා ළමුන් දෙදෙනෙකුට සැප පහසුව ගමන් කල හැක.
නිශ්පාදනය හා තාක්ශණය
D20DT (diesel) 2000cc (4WD/2WD)
D27DT (diesel) 2700cc (AWD)
G32D (Gasoline) 3200cc (AWD)
ලෙස මාදිලි 03 කින් මෙම රථය නිෂ්පාදනය කර ඇති අතර ලංකාවේ තියෙන්නේ D20DT 2000cc (Auto/Manual | 4WD| 5FW/6FW) යන මාදිලි පමණි. මෙය යුරෝපානු තාක්ෂණය භාවිතයෙන් කොරියාවේ නිශ්පාදනය කර ඇත. ප්‍රමිතිය හා නිමාව ඉතා ඉහල මට්ටමක ඇත. මෙහි Gearbox එක Mercedes-Benz තාක්ෂණය ලබා ගනිමින් නිශ්පාදනය කර ඇත.
ආරක්ෂාව සහ පහසුකම්
Air Bags, ABS, Speed lock, ESP, Parking sensor, Electric sun roof, Rain Sensing wiper, Electric memory seat, Duel multi function steering, Cruise control යන නවීන තාක්ෂණය සහ පහසුකම් ඇති මෙම වාහනය අනෙකුත් 2008 වාහන සමඟ සැසදීමේදී සැලකිය යුතු පහසුකම් ප්‍රමාණයක් තිබීම වාසියකි.
පෙනුම සහ හැඩය
ලස්සන Midsize SUV පෙනුමක් සහ වායු ප්‍රතිරෝදය අවම කිරීමේ හැඩයත් ගෙන design කර ඇති නිසා මෙම වාහනයට ඉහල වටිනාකමක් ලබා දී ඇත. වර්තමානයේ වෙළඳ පොළ පවතින වාහන වල මෙන් ඉතා තුනී තහඩු මෙන් නොව ඉතා ඝනකම් තහඩුවකින් ආවරණය කර ඇති අතර එහි කල්පැවැත්ම මගින් වාහනයේ ගමන් කරන මඟීන්ට වැඩි ආරක්ෂාවක් සහ රථයට වැඩි කල් පැවැත්මක් ලබා දේ.
ධාවනය ජවය හා ඉන්ධන කාර්යක්ෂමතාවය
SUV රථයක් බැවින් රළු මාර්ග සහ සාමාන්‍ය මාර්ග ධාවනයටද ඉතා හොදින් ගැලපේ. Off road ධාවනය ගැන කිවහොත්, නම් දරා ඇති off road වාහන මෙන් off road ධාවනයට දක්ෂ නැති මුත් සාමාන්‍ය off road ධාවනයට හොඳ SUV රථයකි. සාමාන්‍ය මාර්ගයේ ධාවනයේදී ඉතා හොද ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙන අතර නගරයෙදී 9 km/L, නගරයෙන් පිට 12 km/L සහ අධිවේගී මාර්ග වල 14 km/L වේ. ඉතා හොඳ සැප පහසු වාහනයක් වන අතර ඉහල වේග වලදීත් වෙව්ලීමක් දෙදරීමක් නැතිව මනා පාලනයක් ඇත.
නිමාව හා කල් පැවැත්ම
ඇතුලත ඉහල මට්ටමේ රබර් මිශ්‍ර අමුද්‍රව්‍ය සහ Hard plastic යොදාගෙන නිමවා ඇත. අව්වේ නවතා තැබීමෙන් වර්ණ වෙනස් වීමක් සිදු නොවේ. ඇතුලත කොටස් ගෙවීම් හෝ පලුදුවීම් නොවන අතර ඒ හැම දෙයකටම අදාළ වන්නේ වාහන අයිතිකරුගේ වාහනයට ඇති ආදරයයි.
අවාසි මෙම රථ වල දෙවන ඉල්ලුම ජපන් වාහනයකට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් පහල ඇත. ඒ සඳහා හේතු වූ ප්‍රධාන කරණු වන්නේ, මෙම රථ ආ මුල් අවධියේ මෙම රථ නඩත්තු කටයුතු සඳහා Technician ලා සහ අමතර කොටස් බහුලව සොයා ගැනීමට නොහැකි වීමයි. නමුත්, දැන් මේ තත්ත්වය 90% ක් පමණ පහව ගොස් ඇත. කොරියාවෙන් අමතර කොටස් ආනයනය කරන්නන් සහ ආයතන දැන් බොහෝමයක් ඇත. නිවැරදි ආකාරයට සේවා සපයන ස්ථානද දැන් ලංකාව පුරා බහුලය.
පොදු දෝෂ
D20DT Auto / 6FW රථයේ Gear Jerk එකක් එන අතර වැඩි විස්තර සඳහා අපගේ එම ලිපිය බලන්න.
ලාංකීය වෙළඳ පොළ සාධාරණ මිලකට ඇති SsangYong Kyron රථය ඉතාමත් සැප පහසු SUV රථයකි.
ජය වේවා.!