SsangYong Kyron වාහනය ලංකාවේ ජනප්‍රිය, වැඩි මිලක් නැතිව ගන්න පුළුවන් සහ හොඳ සැප පහසුව තියෙන midsize SUV එකක්. නමුත්, මේ වාහනය ගැන කථා කරන කොට ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි “ gearbox එකේ ලෙඩ එනවනේ ” කියන කථාව. ඉතින් අපි අද කථා කරමු මොකද්ද මේ ලෙඩේ සහ මුලික ලක්‍ෂණ වගේම කළහැකි පිළියම්.
Auto Transmission තාක්‍ෂණයෙන් ලංකාවට එන මේ වාහනය gearbox දෙකකින් එනවා. ඒ 5 speed සහ 6 speed ලෙසයි. 5 speed වාහනය කොරියාව සඳහාත් 6 speed එක වෙනත් රට වලට අපනයනය සඳහා නිෂ්පාදනය කල බවක් තමයි සඳහන් වෙන්නේ. ලංකාවේ ගොඩක්ම ධාවනය වෙන්නේ 6 speed වාහන වගේම සුළු වශයෙන් 5 speed වාහනත් තියෙනවා. කොහොම නමුත් 6 speed kyron වාහනය කිලෝමීටර් 100,000 ක් පමණ ධාවනය කලාම gear jerk වීමක් ඒ කියන්නේ gear change වෙද්දී ගැස්සිමක් සිද්ධ වෙනවා. හැබැයි, 5 speed gearbox එකේ එවැනි ගැටළුවක් කිසිම දවසක් එන්නේ නෑ. දැන් අපි බලමු ඒ ලෙඩේ තියෙන මූලික ලක්‍ෂණ.

මුලික ලක්‍ෂණ

එය හඳුනා ගැනීමට හැකි මුලික ලක්‍ෂණ ලෙස සඳහන් කරන්න පුළුවන් වෙන්නේ, එක gear එකකින් තවත් gear එකකට මාරු වීමේදී පොඩි ගැස්සිමක් සමඟ gear මාරු වීමයි. ගොඩක් අවස්තාවට එය සිදු වෙන්නේ 3rdgear එකේ සිට 4th gear එකට මාරු විමෙදියි. වාහනයක් ඉස්සර කිරීමකදී ඒක තරමක අපහසු කරුණක්. අනික් gear වලදීත් එම ලක්‍ෂණ පෙන්නුම් කිරීම විය හැකියි.

කළහැකි පිළියම්

පළමුවෙන්ම අපිට පුළුවන් TCU (Transmission control unit) software update එකකින් ඒ ගැටලුව නිරාකරණය කර ගන්න. හැබැයි, ඒ මුලික ලක්‍ෂණ පෙන්නුම කරන මුල් අවදියේදී හෝ මුලික ලක්‍ෂණ පෙන්නුම් කිරීමටත් කලින්. ඒ සඳහා Micro ආයතනයෙන් සුළු අයකිරීමකින් සහ වෙනත් ආයතනයකින් නම් රු. 8,000 ක් වැනි සුළු මුදලකින් පුළුවන්. TCU Software update එකකින් හදන්න බැරි නම් (Technician විසින් ඒක තීරණය කරන්නේ) gearbox එක repair කරන්න අවශ්‍යයි. ඒ සඳහා වෙනත් ආයතනයකින් රු. 150,000 ක වගේ මුදලක් වැය වෙනවා. (Micro ආයතනයේ යන වියදම දන්නේ නෑ.)  එහෙමත් නැත්තන්, රු. 250,000 කට පමණ 5 speed gearbox එකක් වාහනයට තියන්න පුළුවන්.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.