මේ ඇඳිරි නීතිය වෙලාවේ ඔයාගේ වාහනයත් එක දිගටම නවත්තලා තියෙන නිසා, ඒක වියදම් ගොඩකට මුල හේතුවක් වෙන්න පුළුවන්. වාහනයේ තියෙන වැදගත්ම සහ වියදම් අධිකම දේවල් පරිස්සන් කර ගැනීම අපේ වගකීම. Engine, Battery, Tyre, Body සහ interior වැනි දේවල් ගැන අපි කොහොමත් හැම වෙලාවේම පරිස්සමෙන් ඉන්න නිසා නිකන් ගෙදර ඉන්න මේ දවස් වලත් වඩාත් පරිස්සමෙන් ඉමු. මෙහෙම එක තැන එක දිගට නවත්තලා තියෙන කොට වාහනයට වෙන දේවල් සහ ඒවාට කරන්න තියෙන පිළියම් ගැන දැන් අපි එකින් එක බලමු.

වාහනය Start කරන්න.

දවස් තුනකට සැරයක්වත් වාහනය Start කරලා Heat Meter එක analog තියෙන වාහනයක් නම් Meter එකේ මැදට එහෙමත් නැත්තන් Working Temperature එකට එනකන් සහ Heat Meter එක Digital තියෙන වාහනයක් නම් විනාඩි 15 ක් පමණ Start එකේ තියන්න. මතක ඇතුව AC, Radio සහ වෙනත් දේවල් off කරන්න. සාමාන්‍යයෙන් ඔයාගේ වාහනේ තියෙන්නේ 50% පමණ දුර්වල Battery එකක් නම්, එකතැන නවත්වලා තියෙන හේතුවෙන් Battery බලය සම්පුර්ණයෙන්ම නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට Start කරලා තිබ්බම නැවත ආරෝපණය වෙනවා. ඒ වගේම එක තැන තියෙන නිසා මීයන්ට, ලේනුන්ට, පුසන්ට ඔයාගේ වාහනේ යට සහ Engine Bay එක කදිම ස්ථානයක් වෙන එක නම් ස්ථිරයි. ඒක නිසා, ගෙයක් එහෙම හදා ගන්න අදහසක් එයාලාට තියෙනවා නම් ඔයා වාහනය සැරින් සැරේ Start කලාම අදහස වෙනස් කර ගනී.

වාහනය තියෙන තැන වෙනස් කරන්න.

එක දිගටම වාහනයේ ටයර් වල එකම තැන බිමට ගෑවිලා තියෙද්දී, Flat Spot එන්න පුළුවන්. ඒ නිසා වාහනය Start කලාම පොඩ්ඩක් ඉස්සරහට පස්සට කරලා කලින් තිබුන තැන නැතුව පොඩි වෙනසක් කරලා නැවත නවත්තන්න.

වාහනය ආවරණය කරන්න.

වාහනය නවත්විමේදී පුළුවන් තරම් වහලයක් ඇති තැනක නවත්වන්න උත්සහ කරන්න. නැතිනම්, වාහන ආවරණයකින් වහන්න හෝ උත්සහ කරන එක තමයි සුදුසුම දේ. පරිසරයට නිරාවරණව නැවැත්වීමෙන් දහවලට හෝ රාත්‍රී කාලයට කුරුල්ලන් ජරා කිරීම නිසා වාහනයේ තීන්ත වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේම දුහුවිල්ල, පින්න, වැස්ස සහ අව්ව නිසාත් වාහනයේ තීන්ත වලට හානි වීමේ සම්බාවිතාව වැඩියි.

Hand Brake අදින්න එපා.

වාහනය සෙලවීම නැවත්වීමට ටයර් වලට කොටයක් වගේ දෙයක් තියලා Hand Brake අයින් කරන්න. නැතිනම් එක දිගටම Hand Brake වලින් වාහනය නවත්වා තිබුනොත් Brake Shoes Damage වීමක් වෙන්න පුළුවන්.

වාහනය ඇතුලත හොඳින් පිරිසිඳු කරන්න.

Interior Cleaning Wax එකක් පාවිච්චි කරලා Dashboard සහ Leather Seats නම් තියෙන්නේ Seats පිරිසිඳු කරන්න. තෙතමනය තිබුනොත් පුස් අල්ලනවා. ඒ වගේම හොඳට වාහනයේ ඇතුල පිරිසිදු කරන්න. කෑම කෑලි එහෙම තිබුනොත් ලොකු කාලයක් වාහනය පාවිච්චි නොකරන නිසා කුඹි එන්න පුළුවන්.

ජය වේවා.!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.