ලංකාවේ වාහන වෙළඳ පොලේ ගණනින් අඩුවටම තියෙන, හැබැයි ඒ මුදලට වැඩිය සැප පහසුව තියෙන තවත් SsangYong Midsize SUV එකක් ගැන අද අපි කථා කරමු. ඒ තමයි, SsangYong Actyon SUV එක. ලස්සන Body Design එකක්, 2000 CC ධාරිතාවයක් එක්ක 4 speed සහ 6 speed යන Gearbox දෙකකින් ලංකාවට ආපු Actyon එක කාපට් එකට වගේම off road එකටත් කදිම SUV එකක්.
ඇතුලත නිමාව
වැඩිහිටි 05 දෙනෙකුට කිසිම කරදරයක් නැතුව යන්න පුළුවන් මේ වාහනයේ ඇතුලත ඉඩ පහසුව ඉතාමත් හොඳයි. ඒ වගේම පිටුපස Luggage Space එකත් විශාලව තියෙනවා. යුරෝපා සහ බටහිර රටවල වාහන වගේ හොඳ ඇතුලත උපාංග නිමාවක් වගේම, ඒ උපාංග Hard Plastic වලින් හා Carbon Fiber වලින් නිමවා තියෙනවා. ඒ නිසා ඉක්මනට කැඩී යාම්, ගෙවී යාම් මේවායේ දක්නට නෑ. මේකේ Leather Seat තියෙන නිසා සැප පහසුව උපරිමයි.
ධාවන ජවය හා ඉන්ධන කාර්යක්ෂමතාවය
මේ වාහනය 2,000cc / Turbo / 4×4 සහ හොඳ Ground Clearance එකකුත් තියෙන නිසා off road යන්න පුළුවන් හොඳ SUV එකක්. ඒ වගේම Mercedes-Benz තාක්ෂණය එකතු කරලා හදපු Gearbox එකක් තමයි තියෙන්නේ. සාමාන්‍ය මාර්ග ධාවනයේදී AC දාලා, නගරයෙදී 09 km/L, නගරයෙන් පිට 12 km/L සහ අධිවේගී මාර්ග වල 14 km/L වන ඉතා හොද ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා.
අමතර කොටස්
අනෙක් SsangYong වාහන වගේම මෙම වාහනයෙත් මුල් කාලයේ වෙළඳ පොළේ අමතර කොටස් වල අඩුවක් දක්නට තිබුනා. නමුත් වර්තමානයේ ඒ තත්ත්වය නැති වෙලා ගිහින්. අනෙක් ලිපිවල සඳහන් කළා වගේ කොරියාවේ රැකියාව සඳහා ගිය ලංකාවේ ගොඩක් තරුණයෝ දැන් ලංකාවට අමතර කොටස් එවනවා. ඒ නිසා ඒ අඩුපාඩුව දැන් නැති වෙලා ගිහින්. අමතර කොටස් මිලෙනුත් ලොකු ගානක් වෙන්නේ නෑ. අමතර කොටස් තියෙන තැන් ගැන දැන ගන්න අපේ Spare Parts Tab එකට යන්න.
Service
අනෙක් SsangYong SUV වල වගේම මේ වාහනයෙත් Service එකට උපරිම රු. 15,000 ක් විතර යනවා. (Engine oil / oil filter / Air filter / AC filter) Engine oil 8.5 L අවශ්‍ය වෙනවා. Normal Engine oil දාන නිසා 5,000 km වලින් service කරන්න ඕන. Synthetic oil දානවා නම් 15,000 km ගිහින් Service කලාම ඇති.
තාක්ෂණ ශිල්පීන්
කොළඹ, ගම්පහ නගර ආසන්නව දක්ෂ තාක්ෂණ ශිල්පීන් විශාල ප්‍රමාණයක් හිටියත් අඩු පාඩුවක් විදිහට දකින දෙයක් තමයි ඈත පළාත් වලට වෙන්න කොරියන් සම්බන්ධව දැනුම තියෙන තාක්ෂණ ශිල්පීන්ගේ අඩුව. මේ Website එකේ Technicians Tab එකේ අපිත් එක්ක සම්බන්ධ Technician List එක තියෙනවා. ඔයාට කැමති කෙනෙක් තොර ගන්න.
පොදු දෝෂ
මෙම Actyon 6 speed රථයේත් Kyron රථය මෙන් 100,000 km පමණ දුවපු පසු Gear Jerk එකක් එන සම්බාවිතාවක් තියෙනවා. එම Gear Jerk එක මඟ හරවා ගැනීමට පිළියම් දැන ගැනීමට ඒ සම්බන්ධ ලිපිය කියවන්න. හැබැයි, 4 Speed රථයේ කිසිම පොදු දෝෂයක් නෑ.
එහෙනං තවත් ලිපියකින් හම්බ වෙනකන්,
ජය වේවා.!