SsangYong Rexton වාහන තියෙන ගොඩක් අය නොදන්න Meter Board Menu Feature එකක් ගැන තමයි අද කියා දෙන්න යන්නේ. ඔයාලා දන්නවා Rexton එකේ තියෙන ගොඩක් ලස්සන Feature එකක් තමයි Meter board illumination Feature එක කියලා. රෑට ගොඩාක් ලස්සන මේ Feature එක Rexton එකට ලොකු ලස්සනක් ලබා දෙනවා.
හැබැයි, ඔයාලා දන්නේ නෑ නේද මේ illumination Feature එකේ තියෙන Dimmer Feature එක ගැන. Stage 06 කට තියෙන මේ Dimmer Feature එකෙන් අපිට පුළුවන් අපිට ඕන තරමට illumination එකේ එළිය අඩු හෝ වැඩි කර ගෙන වාහනයේ ලස්සන තවත් වැඩි කර ගන්න.
අද අපි Meter Board Menu එකේ එක Stage එකක් ගැන කථා කරන නිසා සම්පුරණ Meter Board Menu එක ගැනම කථා කරලා මේ කියන illumination Feature එකට එමු. Meter Board එකේ Stage 04 ක් තියෙනවා. Meter Board එකේ තියෙන පොඩි Button එක ඔබලා මේ Stage වල ඉදිරියට යන්න පුළුවන්. මේ Stage වල තියෙන්නේ මොනාද කියලා දැනටමත් ගොඩක් අය දන්නවා ඇති. තවමත් නොදන්න කෙනෙක් ඉන්නවා නම් දැන ගන්න මම පැහැදිලි කරන්නම්. උඩ තියෙන video එකේ බොහොම සරල විදිහට මේක පැහැදිලි කරලා තියෙනවා. වාහනය පදින කෙනා මේ ගැන දැන ගෙන සිටිය යුතුමයි.
Odometer
හැමෝම දන්න විදිහට Odometer එකෙන් වෙන්නේ වාහනය හදපු දවසේ ඉඳලා අද වෙනකන් වාහනය ගමන් කරලා තියෙන දුර පෙන්නන එක. වාහනයක් ගිහින් තියෙන සැබෑ දුර බලා ගන්න පුළුවන් එකම තැන මේ Odometer එක විතරයි. (ඒක එහෙම වුනාට ලංකාවේ Odometer ගැන නම් විශ්වාස නොකරන තරමට හොඳයි.)
Trip A
අපි යන විශේෂ ගමනක් හෝ අපිට බලා ගන්න අවශ්‍ය විශේෂ දුර ප්‍රමාණයක් මේ Feature එකෙන් බලා ගන්න අපිට පුළුවන්. මේ Meter එක වෙනස් කරන්න පුළුවන් Meter එකක්. Meter Board එකේ තියෙන Button එක ටිකක් වෙලා ඔබාගෙන හිටියම “ 0 ” වෙනවා. ඊට පස්සේ අපේ ගමන ගියාට පස්සේ ඒ දුර බලා ගන්න අපිට පුළුවන්. ඒක නිසා ඉලක්කන් හිතේ මතක තියාගෙන දුක් විඳින්න ඕන නෑ.
Trip B
කලින් Feature එක සමානම එකක් තමයි මේකත්. එතකොට ඇයි එක වගේ Meter දෙකක් කියලා ඔයාලාට හිතෙන්න පුළුවන්. මේක තියෙන්නේ කලින් Meter එක පාවිච්චි කරන වෙලාවටම අතරමැදදී තවත් විශේෂ දුර ප්‍රමාණයක් බලා ගන්න ඕන වුනෙත් කියන ගැටලුව විසඳ ගන්න. ගමනක් මැද තවත් පොඩි ගමනක් යන වෙලාවට දුර බලා ගන්න.
illumination feature
දැන් ඔයා කැමති ප්‍රමාණයකින්, රෑට ඔයාගේ ඇහැට අමාරු නැති, වාහනයට ලස්සනයි කියලා හිතෙන ප්‍රමාණයකින් illumination Light එක හදා ගන්න.
ජය වේවා.!