ඔයාගේ වාහනය ඇතුලෙන් ගඳක් එනවා නම් හෝ AC එක මදි නම්, කවුරුවත් ඔයාගේ වාහනයේ යන්න එන එකක් නෑ. ඒකට එකම සහ ලේසිම විසඳුම තමයි ඔයාගේ වාහනයේ තියෙන Cabin Air Filter එක Clean කරන එක හෝ මාරු කරන එක.

හැම 20,000 km කට සැරයක් ඔයාගේ වාහනයේ Cabin Air Filter එක මාරු කල යුතුයි. ඒ වගේම ඔයා වාහනය පදවන්නේ වාතය දුෂණය වුනු නගර සිමාවේ නම් හෝ දුවිලි පිරුණු පාරවල් වල නම් හැම 2,000 km කට සැරයක් Cabin Air Filter එක පිරිසිඳු කල යුතුයි. ඒක Filter වල ආයු කාලය වැඩි වීමට හේතුවක් වෙනවා.

වාහනයේ Cabin Air Filter මාරු කරන එක හැමෝටම කරන්න පුළුවන් ලේසි වැඩක්. ඒක කරන හැටි අපි දැන් පියවරෙන් පියවර බලමු.

මේ video එකේ Cabin Air Filter මාරු කරන සම්පුරණ විස්තර තියෙනවා. එහෙමත් නැතිනම් කරන විදිහ පියවරෙන් පියවර පහලින් තියෙනවා.

පියවර 01

ඔයාගේ වාහනයේ Cabin Air Filter එක හොයා ගන්න. සාමාන්‍යයෙන්, glove box එක පිටි පස්සේ හෝ Dashboard එක යට තමයි තියෙන්නේ. ඔයාගේ වාහනයේ Service Manual එකෙත් තැන සඳහන් කරලා ඇති. හොයා ගන්නම බැරිනම්, Google එකේ Search කරලා බලන්න. ඒක තමයි ලේසිම දේ.

පියවර 02

Cabin Air Filter එක තියෙන තැන හොයා ගත්තට පස්සේ, filter box එක වහලා තියෙන ඇණය හෙමිහිට ගලවන්න. පියන ගලවලා filter එක එලියට ගන්න. හොඳින් බලන්න, සමහර වාහනවල filters දෙකක් තියෙනවා. ඔයා filter එක අතට ගත්තට පස්සේ තේරෙනවා පිරිසිඳු කලාම ඇතිද, නැත්තම් අලුතෙන් දාන්න ඕනද කියලා. ඒක කලුපාට වෙලා නම් අලුත් එකක් දාන්න කාලේ ඇවිල්ලා. සාමාන්‍ය තරමට දුවිලි පිරිලා නම්, ඒක පිරිසිඳු කලාම ඇති. Vacuum cleaner එකකින් හොඳින් පිරිසිඳු කරන්න. (video එක බලන්න.)

පියවර 03

Filter එක නැවත දාන්න කලින්, vacuum cleaner එකකින් filter එක තියෙන box එක හොඳින් පිරිසිඳු කරන්න. ඇතුලට අත දාන්න පුළුවන් නම්, රෙදි කෑල්ලක් අරගෙන ඇතුල හොඳින් පිහ දාලා පිරිසිඳු කරන්න.

පියවර 04

Cabin Air Filter එක ආපහු තිබුන පැත්තටම ඒ විදිහටම තියන්න.

පියවර 05

පියන නැවත තියලා, ඇණය තද කරන්න. Filter එක ගලවන්න glove box හෝ dashboard එක ගලවන්න වුනා නම්, ඒ ගලවපු පිළිවෙලට නැවත සවි කරන්න.

වැඩේ දැන් ඉවරයි. ඔයාගේ හිතට දැන් හොඳක් දැනේවි. Filter එක ගලවන විදිහ හොඳින් හිතේ තියා ගන්න. මොකද, ඊළඟ 2,000 km වලදීත් ඔයාට ආපහු මෙහෙම කරන්න වෙනවා. ඒ වගේම ඔයා කාටවත් සල්ලි වියදම් කලෙත් නෑ. ඒකත් ඔයාට සතුටක්.

ජය වේවා.!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.