ඔබේ වාහනයේ ටයර් වල අසමාන ගෙවීම් වාහනයේ හැසිරවීමට, ටයර් වල ආයු කාලයට, ටයර් වල කාර්යයට සහ මගීන්ගේ ආරක්ෂාවට බලපානවා. ඒ නිසා තමයි සෑම සති 2 කට සැරයක් ඔයාගේ වාහනයේ ටයර් වල හුලන් ප්‍රමාණය බලන එක වැදගත්.
ටයර් පැත්තට ගෙවීම

වාහනයේ Alignment වැරදි ලෙස තිබීම තමයි ටයර් පැත්තට ගෙවීමට වැඩිම වශයෙන්ම හේතු වෙන්නේ. ටයර් පැත්තට ගෙවෙනවා කියන්නේ ටයර් මුහුණත එක සමානව නොතිබීමයි. ඒ කියන්නේ ටයර් මුහුණත සමානව පාරට සම්බන්ධ වෙන්නේ නෑ කියන එකනේ. ටයර් එකේ එක පැත්තක් විතරයි පාරට ගෑ වෙන්නේ. මේ ටයර් පැත්තට ගෙවීම සඳහා Tie Rods සහ Ball Joints වල අඩු පාඩුත් හේතු වෙන්න පුළුවන්.
මෙය ටයර් වල ආයු කාලය අඩු වීමට වගේම සුක්කානම ප්‍රතිචාරය දැක්වීමේ අඩු වීමක් ඇති වෙනවා. ඉතින්, ඉතා ඉක්මනට, ඔයාගේ වාහනය Wheel Alignment කරන කාර්මික ශිල්පියා හම්බ වෙන්න. එයා Wheel Alignment කරලා තවත් Suspension System එකේ අඩු පාඩු තියෙනවා නම් ඒවාත් හොයා ගනීවි.
ටයර් වල දෙපැත්ත ගෙවීම

ඔයාගේ ටයර් වල දෙපැත්ත ගෙවෙන්නේ ටයර් වල හුලන් අඩු නිසා. ඒ ටයර් වල දෙපැත්ත විතරක් තදින් පාරත් එක්ක සම්බන්ධ වෙන නිසා. ටයර් වල හුලං අඩු වීම, ඉන්ධන පරිබෝජනය අඩු වීම සහ ටයර් වල ආයු කාලය අඩු වීමට මෙය බලපානවා. ඔයාගේ වාහනයේ owner’s manual එක බලලා ඒකෙ තියෙන ප්‍රමාණයට ටයර් වලට හුලං පුරවන්න. ආපහු සති දෙකකට සැරයක් බලලා, හුලං අඩු හෝ වැඩි නම් නියමිත ප්‍රමාණයට පුරවන්න.
ටයර් වල මැද ගෙවීම

ඔයාගේ ටයර් වල මැද විතරක් ගෙවෙන්නේ හුලං වැඩි නිසා. ඒ ටයර් එකේ මැද උල් වෙලා පාරත් එක්ක තදින් සම්බන්ධ වෙන නිසා. ඉක්මණටම ටයර් ගෙවීම, ටයර් එක ඉක්මණටම රත් වෙලා පුපුරන්න තියෙන අවශතාව මේ හුලං වැඩි වීමෙන් වෙන්න පුළුවන් දේවල්. ඔයාගේ වාහනයේ owner’s manual එක බලලා ඒකෙ තියෙන ප්‍රමාණයට ටයර් වලට හුලං පුරවන්න. ආපහු සති දෙකකට සැරයක් බලලා, හුලං අඩු හෝ වැඩි නම් නියමිත ප්‍රමාණයට පුරවන්න.
ටයර් එක අසාමාන්‍ය විදිහට ගෙවීම

Wheel Bearings බුරුල් වීම, Suspension වල අසමානකම් ඇති වී තිබීම සහ රෝද වල අසමානකම් මේ දෙයට හේතු වෙන්න පුළුවන්. මේ නිසා ටයර් වල ආයු කාලය අඩු වීම සහ වාහනයේ අනාරක්ෂිත ධාවනය වෙන්න පුලුවන්. පුළුවන් ඉක්මණට ඔයාගේ Technician ලඟට යන්න. වාහනයේ අලුත්වැඩියා කරන්න ඕන කොටස එයා හොයා ගනීවි.