වාහනේ හරියට Accelerate වෙන්නේ නැති එක හිසරදයක්. එහෙම වෙන්න හේතු කිහිපයක් තියෙනවා. සමහරවිට වාහනයේ තෙල් හෝ දහනය වීමේ ගැටළුවක් වෙන්න පුළුවන්. වාසනාවට, සමහර ගැටළු අපිට ගෙදරදීම හදන්න ලේසි ලාබදායි දේවල්. කඳු පාරවල් වල යෑමේ දී සහ වාහනය ඉක්මනට වේගවත් කිරීමට අවශ්‍ය වේලාවකදී වගේ මේ ගැටලුව මහා හිසරදයක් වෙනවා. එහෙනම්, ඒ සඳහා විසඳුම් දැන ගැනීමට තවත් ඉදිරියට කියවන්න.
දුර්වල වූ MAF (Mass Air Flow) Sensor එක.
MAF Sensor එක Air Cleaner එක තුල පිහිටා තිබෙන අතර එමඟින් කරනුයේ Engine එකට එන වාතය ගණනය කිරීමයි. දුර්වල වූ MAF Sensor එක මඟින් වැරදි තොරතුරු වාහනයේ ECU එකට යැවීමෙන් තෙල් වලට එකතු වෙන වාතය වැරදි ලෙස ගණනය කරනු ලබයි. දුර්වල වූ MAF Sensor එකේ මූලික ලක්ෂණයක් වනුයේ වාහනය නිසි ලෙස Accelerate නොවීමයි.
දුර්වල වූ Fuel Filter එක.
සමහරවිට අනෙක් හේතුව දුර්වල වූ Fuel Filter එක විය හැකියි. වාහනයේ තෙල් ටැංකියේ සිට පැමිණෙන තෙල් වල ඇති අපවිත්‍ර ද්‍රව්‍ය එකතු කිරීම මෙම Fuel Filter එකේ කාර්යයයි. අපවිත්‍ර ද්‍රව්‍ය මඟින් ටැංකියේ සිට එන තෙල් නිසි ලෙස ඉතා ඉක්මණට Engine එකට යාම ප්‍රමාද කරවයි. ඉතින්, වාහනය හරි විදිහට Accelerate වෙන්නේ නෑනේ. ඒක ඉක්මනට හදන්න පුළුවන් සුළු දෙයක්. ඉක්මණින්ම Fuel Filter එක මාරු කළා නම් වැඩේ හරි.
දුර්වල වූ Air Filter එක.
වාහනයේ Engine එකට අවශ්‍ය වාතය ගනු ලබන්නේ Air Filter එක හරහායි. අවට පරිසරයේ ඇති වාතයේ තියෙන දුවිලි, සුන්බුන් සහ වෙනත් අපවිත්‍ර ද්‍රව්‍ය මේ Filter එකෙන් ඉවත් කරලා දහනය සඳහා Engine එකට යවනවා. ඔයාගේ වාහනයේ Air Filter එක අපිරිසිඳු නම් Engine එකට යන වාතයත් සමඟ ඇතුළු වී Cylinders සහ තෙල් වලට අපවිත්‍ර ද්‍රව්‍ය එක් වේවි. ඊට පස්සේ වෙන්නේ වාහනයේ දුර්වල කාර්යක්ෂමතාවය. පුළුවන් තරම් ඉක්මනට Air Filter එක අලුතෙන් දාන්න. එමඟින් ඔබේ වාහනයේ Engine එකට ලැබෙන්නේ පිරිසිඳු වාතය පමණක් බව සහතික කරනවා වගේම වාහනය හරි විදිහට Accelerate වීමක් පෙන්නුම් කරාවි.
දුර්වල Accelerate වීම මේ දේවල් කිරීම පමණින් ඉවර වෙන්නේ නෑ. මේ දේවල් ඉතාමත් ඉක්මන්, ලාබදායි වගේම ඔබට නිවසේදීම කල හැකි දේවල් පමණයි. ඔබට නිවසේදී මේ දේවල් කරන්න නොහැකි නම්, ඉතාමත් ඉක්මණින් ඔයාගේ වාහනයේ Technician හමු වෙන්න.