SsangYong Motors ආයතනයෙන් ආඩම්බරයෙන් ඉදිරිපත් කරපු Subcompact Crossover SUV එකක් ගැන තමයි මම අද කතා කරන්නේ. ඒ තමයි SsangYong TIVOLI. ඉතාමත් ලස්සන, ඒ වගේම ලංකාවේ ගොඩාක් ජනප්‍රිය වුන මේ Crossover එක ලංකාවේ වාහන වෙළඳ පොළ තුල ඉතාමත් සාධාරණ මිලකට මිලදී ගන්න පුළුවන් වාහනයක්.

Petrol

  • Tivoli e-XGi160 (2015)
  • Tivoli e-XGi160 Premium Specs (2015)

Diesel

  • Tivoli e-XDi160 (2015)
  • Tivoli e-XDi160 Premium Specs (2015)

මේ සඳහන් කරලා තියෙන Petrol සහ Diesel වාහන වල Standard සහ Premium මාදිලියේ වාහන තමයි ලංකාවේ තියෙන්නේ. මේවායෙනුත් වැඩිපුරම තියෙන්නේ Petrol මාදිලියේ Tivoli වාහනයි. Premium වාහනයක Standard වාහනයකට වඩා වැඩිපුර පහසුකම් ලබා දී තියෙනවා. වාහන වෙළඳ පොලේ තියෙන අනෙක් Crossover එක්ක බලද්දී, TIVOLI එක හැම අතින්ම ඉදිරියෙන් ඉන්නවා. Body Design එක, ඇතුලත ඉඩ පහසුව, තෙල් පරිබෝජනය සහ Ground Clearance එක අනෙක් වාහන දෙවැනි තැනට දැමීමට තරම් ඉහලයි.

Cylinder 04 කින් සමන්විත මේ Diesel සහ Petrol Engine වාහන වල ඉදිරිපස පිහිටා තියෙනවා. ඒ වගේම Engine ධාරිතාවට 1,597 CC ක්. Diesel Engine එකේ Horsepower එක115 PS සහ Petrol Engine එක 126 PS ක බලයකින් යුක්තයි. Diesel වාහනය සතුව Intercooler Turbo තාක්‍ෂණයද තියෙනවා. Diesel සහ Petrol වාහන දෙකටම තියෙන්නේ 6 Speed Gearbox එකක්.

වාහනයේ තෙල් ටැංකිය සම්පුර්ණයෙන් පිරෙන්න ලීටර් 47 ක් අවශ්‍ය වෙනවා. මේ ලීටර් 47 න් සාමාන්‍යයෙන් 600 km ක් පමණ ධාවනය කල හැකි බවක් තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම උපරිම වේගය පැයට කිලෝමීටර් 181 ක් වන බව සහ 0 සිට 100 වෙනකන් යන්න තත්ත්පර 11 ක් යන ලෙසද සඳහන් වෙනවා.

Standers වාහනයට 16” Alloy Wheels සහ Premium එකට 18” Alloy Wheels පැමිණෙන අතර ඉදිරිපස සහ පසුපස Disc Brake සහ ABS / AEB / TCS / EBA යන තාක්‍ෂණය මඟීන්ගේ ආරක්‍ෂාව සඳහා ඇතුලත් කර තියෙනවා.

ඇතුලත Europe වාහනයකට සමාන කල හැකි අයුරින් Hard Plastic උපයෝගී කරගෙන දීර්ඝ කාලීනව පාවිච්චි කල හැකි ඉතා අලංකාර අයුරින් සාදා ඇති අතර Standers වාහනය Fabric Seats වලින් සහ Premium වාහනය Leather Seats වලින් සමන්විතයි. Cruise Control, Bluetooth Connectivity, Keyless Entry යන පහසුකම් රියදුරුගේ පහසුවට සඳහා ඇතුලත් කර තියෙනවා.  ඒ වගේම ලස්සනම ලස්සන Cluster එකක් තියෙනවා. ඒකෙ ටයර් වල තියෙන හුලං ප්‍රමාණය, ගමන් කල හැකි තෙල් ප්‍රමාණය, ගමන් කල හැකි සම්පුර්ණ දුර සහ එලියේ පරිසර උෂ්ණත්වය පෙන්නුම් කරනවා.

වැඩිහිටි 05 දෙනෙකුට අපහසුවකින් තොරව ගමන් කල හැකි අතර Leg Space එකද වැඩිහිටි පුද්ගලයෙකුට ඇති ප්‍රමාණයට සාදා ඇත. Dual Zone AC Unit එකක් තියෙන නිසා පිටිපස ආසන වල ඉන්න අයටත් කිසිම අපහසුවකින් තොරව ගමන් කරන්න පුළුවන්. ලංකාවේ වාහන වෙළඳ පොළ තියෙන අනෙක් Crossover මෙන් පිටුපස ආසන වල ගමන් කරන අයට අවට පරිසරය නැරඹීමට බාධා ඇති නොවන අයුරින් පිටුපස ජනෙල නිර්මාණ කර තියෙනවා.

Euro NCAP ආයතනය විසින් මෙම TIVOLI රථය පරීක්‍ෂා කර බලා අනතුරක් දී ඇතුලත ගමන් ගන්නා වැඩිහිටි කෙනෙකුගේ ආරක්‍ෂාව 82% ක්, ඇතුලත ගමන් ගන්නා කුඩා දරුවෙකුගේ ආරක්‍ෂාවට 62% ක්, අනතුරට මුහුණ දෙන පුද්ගලයාගේ ආරක්‍ෂාව 65% ක් සහ අනතුරකදී ආරක්‍ෂාව සඳහා වාහනයේ සහය 43% ක් බවට නිගමනය කර ආරක්‍ෂිත ශ්‍රේණිගත කිරීම 4 STAR ලෙස ප්‍රකාශ කර තිබේ.

මේ සියලු දේවල් සමඟ සහ ලංකාවේ වාහන වෙළඳ පොලේ තියෙන අනෙක් Crossover රථවල මිලත් සමඟ සසඳලා බලද්දී, මේ SsangYong TIVOLI රථය අංක එකට සිටිනා බව මාගේ හැඟීමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.