අනතුරක් වීම වලක්වා ගැනීමට අත්‍යවශ්‍යම දෙයක් තමයි වාහනයේ Brake. හදිසියකදී වාහනය නවත්වා ගැනීමට අපි Brake Paddle එක තද කලාම Master Cylinder එකේ තියෙන Piston එක මඟින් Brake Fluid Reservoir Tank එකේ තියෙන Brake Oil අරගෙන Brake Lines වලට පීඩනයක් දෙනවා. එතකොට Brake Lines දිගේ පීඩනය සමඟ Brake Oil ගලා ගෙන ගිහින් තමයි Brake Calipers වැඩ කරන්නේ.

ලොකු පීඩනයකින් වැඩ කරන Brake Hose එකක් එකපාර පිපිරුවොත්, ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි මහමඟ අතරමන් වෙනවා. ඉතින් මම අද කියන්න යන්නේ මට වුන අත් දැකීමක් සමඟම කොහොමද මේ Brake Hose එකක් අපි ගෙදරදීම මාරු කර ගන්නේ කියලා.
මම දවසක් වාහනය නැවත්වීමට Brake Paddle එක තද කලාම, අතරමැද තැනකදී මට ලොකු පීඩනයක් තේරුනා. තවත් තදට තද කලාම කිසිම පීඩනයක් නැතුව Brake Paddle එක නිකන්ම පහලට ගියා. වාහනයේ Brake ගොඩක් අඩු වුනා. වෙලාවට ගෙවල් ළඟ හිටපු නිසා හෙමිහිට ගෙදරට ඇවිල්ලා බලන කොට ආපු පාර දිගේ oil හැලිලා තිබුනා. වාහනය Brake කරපු තැන් වල oil වැඩිපුර හැලිලා තිබුනා. ඒ වෙනකොට මේ ගැන කිසිම අවබෝධයක් නොතිබුන නිසා හේතුව හිතා ගන්න මට බැරි වුනා. මේ ප්රශ්නය මම ම විසඳනවා කියලා හිතාගෙන මොනවද මේ හැලෙන oil කියලා බලනකොට ඉස්සරහා දකුණු රෝදය ගාව ලොකු oil ප්‍රමාණයක් ගෑවිලා තිබුනා.


වාහනයේ ආධාරකය මඟින් වාහනය උස්සලා රෝදේ ගලවලා oil විසිරිලා තිබුන හරිය බලාගෙන Brake Paddle එක අතින් තද කරද්දී තමයි මට තේරුනේ Brake Hose එකක් පුපුරලා එතනින් Brake oil එළියට එනවා කියලා. ගිහින් Brake oil Reservoir Tank එක බලන කොට Minimum Limit එකෙනුත් පල්ලෙහාට oil අඩු වෙලා. Brake Line එක ගලවලා Hose එක එළියට අරගෙන ගිහින් Brake Hose එකක් සහ DOT4 Brake oil බෝතලයකුත් අරගෙන ඇවිත් නැවත තිබුන විදිහට Oil lines Block නොවෙන විදිහට සවි කළා. ඊට පස්සේ, Brake oil Reservoir Tank එකේ අඩු වෙලා තියෙන oil ප්‍රමාණය නැවත නියමිත ප්‍රමාණයට දැම්මා.


දැන් Brake Line එක ඇතුලේ oil එක්ක තියෙන වාතය අයින් කරන්න ඕන. Caliper එකේ තියෙන Bleeding Nipple එක හොයා ගෙන ඊට පස්සේ තව එක්කෙනෙක්ට කියලා Oil Pressure වෙන විදිහට Brake Paddle එක කීප සැරයක් තද කරලා අත අරින්නේ නැතුව තද කරගෙන ඉන්න කියලා මම Bleeding Nipple එක ඇරලා වැහුවා. ඔය වගේ කීප සැරයක් කලා. එතකොට Brake Line එක ඇතුලේ Oil එක්ක තියෙන වාතය අයින් වුනා. Brake Paddle එකට හොඳ පීඩනයක් එන තරමට එහෙම කරන්න ඕන. Brake Line එක ඇතුලේ Oil එක්ක තියෙන වාතය සම්පුර්ණයෙන් අයින් කලාට පස්සේ Brake oil Reservoir Tank එකේ අඩු වෙලා තියෙන Oil ප්‍රමාණය නැවත බලලා නියමිත ප්‍රමාණයට දාලා වාහනයේ Brake කලින් තිබුනා වගේම හොඳට හදා ගත්තා.


ඔන්න ඔහොම තමයි මගේ වාහනයේ පුපුරපු Brake Hose එක මම ගෙදරදීම දා ගත්තේ. ඔයාලාටත් මේ අත් දැකීම දවසක ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා.