රුවන්වැල්ලේ ඉන්න යාලුවෙක් එයාගේ තේ වත්තට ඇවිත් දවසක් දෙකක් ඉඳලා යන්න කියලා බල කලාට යන්න වෙලාවක් තිබුනේ නෑ. යාලුවා කිව්ව විදිහට කන්දක් උඩ තියෙන ලස්සන තේ වත්තක්. කන්ද උඩට ගියාම වටේ පරිසරය ලස්සනට පෙනෙනවාලු. ඒ වගේම එහෙට යන්න නම් 4W තියෙන වාහනයක් ඕනත් කිව්වා. එක තැනක පාර නැතුව කළු ගලක් උඩින් යන්න තියෙන්නෙත් කිව්වා. මමත් පොඩ්ඩක් off road ගමන් වලට ආස නිසා ගමන යන්න ගොඩාක් ආසාවෙන් බලා ගෙන හිටියේ.
Off road ගමන් වලට SsangYong Rexton SUV එක ලංකාවේ ජනප්‍රිය වාහනයක් නොවුනත්, හොඳ ground clearance එකක්, 4 wheel drive සහ 2.7cc Turbo engine එකකුත් තියෙන නිසා තවත් යාලුවෝ 04 දෙනෙක් එක්ක ගමන පිටත් වුනා. යක්කලට ගිහින් ඌරාපොළ හරහා රුවන්වැල්ල පාරේ තමයි ගියේ. ලස්සන පරිසරය. රබර් වතු වලින් වට වුන අඳුරු වැටුන නිස්කලංක පාරේ පාඩුවේ යන්න පුළුවන් පාරක්. සමහර තැන් වලට ඈතින් කඳු වලලු ලස්සනට පේනවා. මේ ලස්සන පරිසරය බලා ගෙන ඇවිල්ලා රුවන්වැල්ලට කිලෝ මීටර් 2 කට විතර කලින් වම් පැත්තට හැරිලා පොඩි පාරක් දිගේ ඇතුලට ගියා. කිලෝ මීටර් 5 ක් විතර ගියාම තමයි යාළුවාට අයිති තේ වත්තට යන පාර හම්බ වෙන්නේ.
පටන් ගන්න තැනම ලොකු කන්දක්. වැස්සට හේදිලා ගිහින් කාණු හෑරිලා. කෝකටත් කියලා 4W දාලා ගමන පටන් ගත්තා. වාහනේ ප්රමානෙටමයි පාරත්. කන්ද ඉවර වුනාට පස්සේ පොඩි තැනි තලාවක් තිබුනා. ගෙවල් කීපයකට යන පාරකුත් තිබුනා. ඇඹුල් පේර, කෝකිරිල්ලා, ඇඹිල්ල, කටම්බෙරිය ගස් පිරිලා. ගමන පැත්තක තියලා කැලෑ පළතුරු කඩන්න පටන් ගත්තා.
පළතුරුත් ඇති වෙන්න කාලා ටිකක් ඉස්සරහට යද්දී යාලුවා කිව්ව පාරක් නැතුව ගල උඩින් යන්න තියෙන කොටස හම්බ වුනා. වාහනේ ground clearance එක ඇතිද කියලා පොඩි සැකයකුත් නොආවාමත් නෙමෙයි. ඒක නිසා යාලුවෙක්ට පාර බලන්න කියලා හෙමිහිට වාහනේට කරදරයක් නැතුව ඒ කොටස පහු කරලා තවත් කිලෝ මීටරයක් විතර වැස්සට කැඩුණු, ගල් මතු වුන පාරක කන්ද නගින්න වුනා. මේ කොටස යන්න වාහනේට ලොකු අමාරුවක් නැති නිසා 4W off කරලා තමයි ගියේ.
SsangYong Rexton SUV එක සාමාන්‍ය off road ගමන් වලට හොඳ වාහනයක් කියලා මේ අත් දැකීමෙන් පස්සේ මට හිතුනා. හොඳ ground clearance එක, 2.7 cc turbo engine එක සහ 4W drive තියෙන එක off road ගමනකට බොහොම වැදගත්. මේ ගමනේ ගත්ත video එක මම පහළ දාලා තියෙනවා. ඔයාලාත් බලලා රස විඳින්න.
ස්තුතියි.