අලුතෙන් එන ගොඩක් වාහනවල Bonnet එක සහ Tailgate එක ඉස්සුවට පස්සේ දොර නවත්තන්නේ පොඩි Shock දෙකකින්. කාලයක් පාවිච්චි කරද්දී මේ Shocks වැඩ කරන්නේ නැතුව යනවා. Shock එක ඇතුලේ සම්පීඩනය කරපු ගෑස් වලින් තමයි මේවා වැඩ කරන්නේ. දොර වැහුවම එකතු කර ගන්නා ශක්තිය දොර ඇරිය ගමන් පිට කිරීමේදී ඉබේ දොර ඇරෙනවා. ඉතින් කාලයක් යාමේදී මේ shocks වල සම්පීඩනය කල ගෑස් Leak වීමෙන් නිසි ලෙස ක්‍රියා කිරීම නවතිනවා. එතකොට වාහනයේ Bonnet එක හෝ Tailgate එක අරින්න ඕන වුනාම කරදරයි. දොර ඇරියට පස්සේ කවුරුහරි අල්ලාගෙන ඉන්න ඕන. නැත්තන් බාධකයක් තියන්න ඕන.

අද අපි බලමු කොහොමද මේ කැඩුන Shocks වෙනුවට අලුත් ඒවා දාන්නේ කියලා. එතකොට මේ Shocks දාන්න ඔයා කොහෙවත් යන්න ඕන නෑ. වාහනේ තියෙන දෙක ගලවලා කඩේට ගිහින් අලුත් දෙකක් ගෙනල්ලා සවි කරන්න පුළුවන්. එතන ඇත්තටම ඔයාට දැනෙන පොඩි සතුටක් තියේවි.

Shock මාරු කිරීමට අවශ්‍ය දොර ආධාරකයක් මගින් නවත්වා ගෙන Shock එකේ කෙලවර තියෙන Lock Clip එක නියනක් ආධාරයෙන් ගලවා ගන්න. එවිට නිකන්ම Shock එක ගැලවිලා එනවා. මේ ආකාරයට දෙපැත්තම ගලවා ගත්තම Shock එක සම්පුර්ණයෙන්ම ගලවා ගන්න පුළුවන්. Shock Lock Clip දෙක ගලවන්න අමාරු නම්, Shock එක වාහනයට සවි කරලා තියෙන ඇන දෙක යතුරක් බාවිතා කරලා ගැලෙව්වම Shock එක ගැලව ගන්න ලේසියි.

මේ සෑම Shock එකකටම දැරිය හැකි බර ප්‍රමාණයක් තියෙනවා. සවි වී තියෙන දොර හි තියෙන බර දැරිය හැකි ප්‍රමාණයට තමයි Shock එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. එම බර ප්‍රමාණය Shock එකේ සඳහන් කරලා තියෙනවා. අලුත් Shock එකක් ගෙනකොට නියමිත බර ප්‍රමාණයට සරිලන Shock එකක් ගෙනා යුතුයි. නැත්තන්, දොර හි ඇති බර දැරිය නොහැකිව දොර නිකන්ම පහත් වෙනවා. නැත්තන්, ඉතා කෙටි කාලයකින් නැවත අලුත් එකක් දාන්න වෙයි. ඒ නිසා මතක ඇතුව ඔබ අලුත් Shock ගන්න කොට නියමිත බර ප්‍රමාණයට ගැනීමට මතක තබා ගන්න.

අලුත් Shocks ගෙනාවාට පස්සේ තියෙන්නේ නැවත ගැලවුවා වගේම පියවරෙන් පියවර සවි කරන්න. ගෑස් සිලින්ඩරය සහිත කොටස් සවි විය යුත්තේ වාහනයටයි. අනෙක් පැත්ත දොරට. ඒකත් හොඳට මතක තියා ගන්න ඕන.

මගේ වාහනයේ Tailgate Shocks මාරු කරන විදිහ මම උඩ Video එකකින් ඔයාලාට පෙන්නලා තියෙනවා. ඉහත පැහැදිලි කරපු එකේ අපැහැදිලි තැනක් තියෙනවා නම් Video එක බලන්න. එතකොට හොඳට පැහැදිලි වේවි.

ජය වේවා.!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.